තවදුරටත් අග්‍රාමාත්‍යධූරයේ කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය අනුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරි දින කිහිපයේදී තීරණයකට පැමිණෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න පැවසුවේ රට සහ රජය ගැන සිතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවදානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.