Sunday, September 8, 2024

General line - 0115112241

තීරණ ගැනීමේ වගකීම නායකයන් දෙපළ සතුයි

කසුන් කැලුම්




මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලබාදුන් ජන වරමෙන් ජනතාව දේශපාලනය පිළිබ කළකිරී ඇති බවට පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසනවා.

ඔහු මේ බව සහන්  කළේ කොළඹ අද (16) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන චෝදනාවලට ද රවී කරුණානයක මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. ඔහු කියා සිටියේ නිදහස ලැබී ඇතත් මෙරට ගමන් කර ඇති දිශාව වැරදී බවයි.

විපක්ෂයේ සිටිමින් ඕනෑම ප්‍රකාශයක් සිදුකළ හැකි නමුත් ආණ්ඩුව කිරිමේ දී ඇති අපහසුතා විපක්ෂයට තේරුම් ගත නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් පළ වන මත පිළිබඳව ද රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවිය.

ඊට බාහිර බලවේග ඇඟිලි ගැසීමේ ගැටළුව දුරදිග යනු ඇති අතර ඉන් වැළකී සිටීම සුදුසු බවයි වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක කියා සිටියේ.