Sunday, September 8, 2024

General line - 0115112241

බැඳුකර ගනුදෙනුවට අදාළ ජනතා තීන්දුව ලබාදී අවසන්

කසුන් කැලුම්




බැඳුකර ගනුදෙනුව සම්බනධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතා අධිකරණය ඉදිරියේ වැරදිකරු වී අවසන් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. 

අධිකරණය මගහරිමින් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට කල් මරන්නේ මන්දැයිද මන්ත්‍රීවරයා මෙහිදී වත්මන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සැකසීම සඳහා ඒකාබද්ධ විපකෂයේ සහාය ලබාදීමට ලිඛිත පොරොන්දුවක් ලබා දී ඇති පසුබිමක ජනාධිපතිවරයා ඒ පිළිබඳව ඍජු තීන්දුවක් ගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කළා.

ඒ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.