රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේදී අද (17) තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ තමන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවයි.
යම් කිසි පක්ෂයකට බහුතරය හිමි නම් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය හැකි නමුත් අග්‍රාමාත්‍යවරයා වෙනස් කළ නොහැකි බවයි මෙම සාකච්ඡාවේදී මත පළ වී ඇත්තේ.
පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමෙන් හෝ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවකදී යම් පක්ෂයක් සිය බහුතරය පෙන්වුවහොත් කථානායකවරයා විසින් එම බහුතරය පිළගන්නා බවද මෙහිදී දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබෙනවා.