පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදෙන්නේ නම් ඒ සඳහා ජනතාව සමග එක්ව අරගල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අවස්ථාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ.
උද්ගතව ඇති දේශපාලන අර්බුදයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ නිදහස් සන්ධානය මේ වනවිට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.