Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති ගොවියා ගැන සොයයි

හේමන්ත කහවලගේ




පොහොර සහනාධාරය යළි ලබා දීම කෙරෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ, ජාතික ආර්ථික සභාව ගත් තීරණයකට අනුවයි.

පොහොර සහනාධාරය ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ ජාතික ආර්ථික සභාව සැළසුමක් ද ආරම්භ කර තිබෙනවා.

පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා ගොවීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට ප‍්‍රමාද වන බවත් පොහොර කලට වේලාවට ලබා නොදීම යන මූලික කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුවී ඇති බව දේශපාලන ආරංචි පවසනවා.