Sunday, April 28, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමති බලය නැති වැඩකට අත දැම්මලු

කසුන් කැලුම්




හෙට (23) පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී කී‍්‍රඩා සංගම් දෙකකට ඡන්දය භාවිත කිරීම අහිමි කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස ඡන්දය භාවිත කිරීම අහිමි කිරීමට තීරණය කර ඇත්තේ බැඞ්මින්ට්න් සංගමයට සහ හොකී සංගමයටයි.  

එම සංගම් දෙක දැනට අතුරු කමිටුව මගින් කි‍්‍රයාත්මක වන බැවින් එහි නීතිමය තත්ත්වයන් සැලකිල්ලට ගෙන කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

එ් පිළිබඳ වන ගැසට් නිවේදනයක් ඔලිම්පික් නිලවරණ මෙහෙයුම් කමිටුවට නිකුත් කරන ලෙසයි කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා ඇත්තේ.  

නෙත් ස්පෝර්ට්ස්මන් මේ පිළිබඳව ඔලිම්පික් නිලවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ආචාර්ය ආර්.එම්.කේ රත්නායකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එම සංගම් දෙකට ඡන්ද අයිතිය අහිමි කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශයට කිසිඳු බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්ද දෙකක හිමිකම ඇති කී‍්‍රඩකයන්ගේ කමිටුවට මෙවර ඡන්දය භාවිතය අහිිමි කිරීමට ඔලිම්පික් නිලවරණ මෙහෙයුම් කමිටුව තීරණය කර තිබෙනවා. 

කී‍්‍රඩා පනතට අනුව එම ඡන්ද දෙක භාවිත කිරීමට නොහැකි බවයි ආචාර්ය ආර්.එම්.කේ රත්නායක කියා සිටියේ.  එ් අනුව මෙවර නිලවරණයේදී කී‍්‍රඩා සංගම් 31කට පමණක් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවනවා. ටෙනිස් සංගමයේ උප සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් සහ ආධුනික ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා මෙවර තරග වදිනවා. එහි නිලවරණය හෙට පස්වරු 4.00 පැවැත්වෙනු ඇති.