Friday, October 18, 2024

General line - 0115112241

පුංචි ආණ්ඩු ගණනාවක කාන්තා නියෝජනය 25% සම්පූර්ණ කිරීම ගැටළුවක්

ළහිරු කපුගේ




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව කාන්තා සභිකයින් 535 ක් එම ආයතනවලට තේරී පත්විය යුතුව තිබෙනවා. එසේ සිදුවන්නේ සියළු පළාත් පාලන ආයතන සියයට 25 ක කාන්තා නියෝජනය සම්පූර්ණ කළහොත් පමණයි. 

වැඩිම කාන්තා සභිකයින් සංඛ්‍යාවක් තේරීපත්ව සිටින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 54 ක්. කුරුණෑගල දිස්ති‍්‍රක්කයට කාන්තා සභිකයින් 45 ක් ද කළුතරට 33 ක්ද ගාල්ල හා රත්නපුරට 32 ක් වශයෙන්ද ඡන්ද ප‍්‍රතිඵල අනුව කාන්තා සභිකයින් තේරීපත් වියයුතුයි. අනුරාධපුර දිස්ති‍්‍රක්කයට තේරීපත් වියයුතු කාන්තා සභික ධුර සංඛ්‍යාව 31 ක්. අවම කාන්තා සභික සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ කිලිනොච්චි, වව්නියාව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවලින්. 

සියයට 25 ක කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය අවම කාන්තා නියෝජිතයින් ගණන එක් එක් පක්‍ෂ වෙත දැනුම් දෙන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. කෙසේවෙතත් ඔහු කියාසිටියේ පළාත් පාලන ආයතන කිහිපයක සියයට 25 ක කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීම ගැටළු සහගත වී ඇති බවයි.

සමානුපාතික මන්තී‍්‍ර ධුර සදහා කාන්තා සභිකයින් පත් කරන්නැයි දේශපාලන පක්‍ෂවලට බලකිරීමක් සිදුකළ නොහැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. 

සමානුපාතික ක‍්‍රමය යටතේ පළාත් පාලන ආයතන සදහා නම් කරන නියෝජිතයින්ගේ නාමලේඛණ මාර්තු 2 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියළු දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටියේ.