Sunday, April 28, 2024

General line - 0115112241

කොරියානුවන් එකතු කළ සීත තරගාවලිය නිම වෙයි

පවිත්‍රා මදුහර්ෂණි




ඉකුත් 09 වැනිදා ආරම්භ වී දින 17ක් පුරා දකුණු කොරියාවේ පියොන්චෑන් නුවර පැවැති සීත ඍතු ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන් වුණා.

මෙවර පැවැති සීත ඍතු ඔලිම්පික් උළලේ විශේෂත්වය වූයේ, දිර්ඝ කාලීන ප‍්‍රතිවිරුද්ධ මතධාරීන් සේ සැලකෙන උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකට එක්ව එකම ධජයක් යටතේ ඇතැම් කී‍්‍රඩා ඉසව් සඳහා සහභාගී වීමයි. 

මෙවර සීත ඍතු ඔලිම්පික් උළලේ සමස්ථ පදක්කම් 39ක් දිනා ගත් නෝර්වේ රාජ්‍යය පදක්කම් සටහනේ පෙරමුණෙහි පසුවුණා.

ඒ අතරට රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ඇතුළත්. 

රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 7ක් දිනා ගත් ජර්මනිය පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පත් වුණා.

තුන්වන ස්ථානයේ පසුවන කැනඩාව රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 10කට හිමිකම් කියනවා.

පිළිවෙලින් රන් පදක්කම් 9ක් සහ 8ක් දිනා සිටින අමරිකාව සහ නෙදර්ලන්තයට පදක්කම් සටහනේ හිමිව ඇත්තේ සිව්වන හා පස්වන ස්ථානයයි.