Monday, April 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායමට අලූත් පුහුණුකරුවෙක්




නිදහස් කුසලානය සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප‍්‍රධාන පුහුණුකරු ලෙස කර්ට්නි වෝල්ෂ් නම් කර තිබෙනවා. 

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසු මේ දක්වා කිසිවෙකුත් නිල වශයෙන් එරට ප‍්‍රධාන පුහුණුකරු ලෙස නම් කර නැහැ. කර්ට්නි වෝල්ෂ් බංග්ලාදේශ පුහුණුකරු කණ්ඩායම සමග එක්වන්නේ 2016 වසරේයි. 

ඒ, පන්දු යැවීමේ පුහුණුකරු ලෙසයි.  බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන 06 වනදා ආරම්භ වනවා.