මහරජ ගැමුණු , පත්තිනි වගේ ලංකාවේ බිහිවුනු සිනමා නිර්මාණයන්ට පසුතලය ලෙස යොදා ගැනුනු ෆොරස්ට් රොක් ගාඩ්න් හෝටලයේ නිර්මාතෘ මේ දවස්වල ලහි ලහියේ අලුත් වැඩකට සූදානම් වී තිබෙනවා.
සීගිරිය ගොඩනැගීම පදනම් වුනු ලංකාවේ මෙතෙක් බිහිවූ විශාලම දෘෂ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපටයක් තමයි ඔහුගේ මේ අලුත්ම නිර්මාණය.
සීගිරිය නිර්මාණය වූ ආකාරය සජීවී කරනා මෙම චිත්‍රපටය ලංකාවේ මෙතෙක් බිහි වන දැවැන්තම ති‍්‍රමාණ චිත්‍රපටය වන බවයි දැනගන්න ලැබෙන්නේ.
දේශීය මෙන්ම විදේශීය නිර්මාණ ශිල්පීන් රැසක්ද මේ සඳහා සිය දායකත්වය සැපයන බවත් ආරංචියි.
කෙසේ වෙතත් මේ වසරේ අගදී මෙහි රූගත කිරීම් ආරම්භ වන බවත් එය ලාංකීය පේ්රක්ෂකයාට නවමු අත්දැකිමක් වන බවයි චිත්‍රපට කණ්ඩායමේ උදවියගේ අදහස.