Sunday, April 28, 2024

General line - 0115112241

අද තරගයේ ආරක්ෂක රැකවල් දැඩි කෙරේ

කසුන් කැලුම්




ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර අද (06) පැවැත්වෙන නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය සඳහා ආරක්ෂක රැකවල් දැඩි කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අද තරගයේ සියලූ ප‍්‍රවේශපත්‍ර ද මේ වන අලෙවි වී අවසන්. මෙම තරගය රාතී‍්‍ර 7.00ට කොළඹ ආර්. පේ‍්‍රමදාය කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තරගයේ ආරක්ෂාවට  පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළුව පොලිස් නිලධාරීන් දහසක් යොදවා සිටින බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. ඊට අමතරව පුද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන් තුන්සිය දෙනෙකු අද තරගයේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.

පිවිසුම් දොරටු අසල තදබදය අවම කර ගැනීමට කල් වේලාව ඇතිව කී‍්‍රඩාංගණයට පැමිණෙන ලෙසයි ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත් කී‍්‍රඩා ලෝලීන්ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නැවත දැනුම් දෙන්නේ. කී‍්‍රඩාංගණය ඉදිරිපිට සිටින ඇතැම් පිරිස් අද දිනයේදී ප‍්‍රවේශපත‍්‍ර ඉතා වැඩි මුදලට අලෙවි කරන බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. ඇතැමුන් රුපියල් 300 ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කරන්නේ රුපියල් දහසක වැනි  මුදලකටයි.   

මේ අතර අද තරගයේදී කුසල් ජනිත්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇතැයිද වාර්තා වනවා. ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට ඔහු සහභාගි වූයේ නැහැ. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ 8 වැනි ස්ථානයේයි. ඉන්දීය කණ්ඩායම එම සටහනේ 3 වන ස්ථානයේ පසුවනවා.