රටේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන හදිසි තත්ත්වය සලකා බලා මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් මගින් ප්‍රකාශ කළා.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රටේ සාමය අස්ථාවර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අවදානය යොමු කරන අතර එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය පහතින් බලන්න.