Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියානුවන් මවිත කරමින් තරගය ශ්‍රී ලංකාව ජය ගනී (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ




ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර අද (06) පැවැති නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ කඩුලු 05 ක් අතැතිවයි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174  ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය දැඩි ප්‍රහාරාත්මක වුවත් තරගයේ මැද භාගය ඉන්දීය පන්දුයවන්නන් සිය ග්‍රහණයට නතු කර ගැනීමට කටයුතු කරමින් සිටියා.

කෙසේවෙතත් යළිත් ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා පිතිකරුවන් තරගය සියතට ගනිමින් ජයග්‍රහණය කරා ගමන් කළා.

කුසල් ජනිත් වේගවත් ලකුණු 66ක් රැස් කළා. තිසර පෙරේරා ලකුණු 22යි.

 

 

 

---------------------------------------------------

ශ්‍රී ලංකාව 175 ක ඉළක්කය හඹා යයි (UPDATE)

(06-03-2018 21:01)

 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර අද (06) පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම ලකුණු 175 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදි තිබෙනවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174  ක් රැස් කළා.

වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කදීයි.

ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඇතුලත්. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලුවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු  27 ක් රැස් කළා.

-------------

ඉන්දිය කඩුළු 2ක් බිඳ වැටෙයි (06-03-2018 19:26)

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

පන්දුවර ප්‍රථමයෙන් පහර දෙන ඉන්දිය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 2ක් දැවී ලකුණු 35  ලබාගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

------------------------

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන්න ඉන්දියාවට ඇරයුම් කරයි (06-03-2018 19:09)

නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතරයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මේ අතර තරගය පැවැත්වෙන ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය තුළ හා ඉන් පිටත විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.