මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලාපැවැත්වෙන පරිදි අද (06) රාත්‍රී 8.00 සිට හෙට (07) උදෑසන 6.00 දක්වා යළි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
පොලිසිය පැවසුවේ තෙල්දෙනිය සිද්ධිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මහනුවර දිස්ත්‍රික්කයට ඊයේ (05) පස්වරු 6.00 පැනවු පොලිස් ඇඳිරිනීතිය අද (06) උදෑසන 6.00ට ඉවත් කළ ද තෙල්දෙනිය සහ පල්ලේකැලේ පොලිස් වසම්වල අද පෙරවරුවේ ද පොලිස් ඇදිරිනීතිය පනවා තිබුණා.