Wednesday, January 8, 2025

General line - 0115112241

'සියලු දෙනා එකතු වෙන්න' - අස්ගිරියෙන් ඉල්ලීමක්

කමල් සුරවීර




රටේ වත්මන් තත්ත්වය තුළ සියළුදෙනා ශී‍්‍ර ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අස්ගිරි මහා විහාරය අවධාරණය කරනවා. 

එහි ලේකඛාධිකාරී පුජ්‍ය මැදගොඩ ධම්මානන්ද හිමියන් කියා සිටියේ එලෙස කි‍්‍රයාකිරීමෙන් ගැටලූවලට විසඳුම් සොයා ගත හැකි බවයි. 

ජනතාව අතර සමගිය වර්ධනය වන ආකාරයට සියලූ දෙනා කටයුතු කළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

අස්ගිරි මහා විහාරයේ ලේකඛාධිකාරී පුජ්‍ය මැදගොඩ ධම්මානන්ද හිමියන් මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය අමතමින්.
 

--------------------------------

මහනුවර තත්ත්වය ගැන සාකච්ඡා කරන්න 'අස්ගිරි - මල්වතු' පාර්ශ්ව රැස්වෙයි

(07-03-2018 06:31)

 

මහනුවර, දිගන හා තෙල්දෙණිය යන ප‍්‍රදේශවල ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (06) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ප‍්‍රමුඛ ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන්.