හැටන්, දිඹුල ගේ්රටිලි වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සහකාර තේ කර්මාන්ත නිළධාරියා ඝාතනය කර ඇති බව දිඹුල පොලිසිය පවසනවා. මෙසේ ඝාතනය කර ඇත්තේ එස්.තිරුචෙල්වම් නැමැති දෙදරු පියෙකි.
ඊයේ (06) රාති‍්‍රයේ තේ කර්මාන්ත ශාලාවේ වැඩ අවසන් වි සැමියා නිවසට නොපැමිණි නිසා අද (07) අළුයම 3.00 ට පමණ තේ කර්මාන්ත ශාලාවට දුරකථන ඇමතුමක් ලබා දිමෙන් පසු එම නිළධාරියා රාති‍්‍ර 9.00 ට සේවා මුරය අවසන් වි ගිය බව දැනුමි දිමෙන් පසු තේ කර්මාන්ත ශාලාවේ සිට ඔහුගේ නිල නිවස වෙත පැමිණෙන මාර්ගය දිගේ මියගිය අයගේ බිරිද ඇතුලූ වතුකමිකරුවන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. එහිදි එස්.තිරුචෙල්වම් ගේ සිරුර හමුවි ඇත.
නිළධාරියාගේ හිසට තියුණූ ආයුධවලින් පහරදි ඝාතනය කර ඇති බව අනාවරණය වි ඇත.
මියගිය අයගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිරුර සමිබන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය අවසන් විමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය අධීකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් ඝාතනයට සමිබන්ධ සැකකරුවන් සොයා පරික්ෂණයක් ආරමිභ කර ඇති බවත් දිඹුල පොලිසිය පවසයි.