Wednesday, January 8, 2025

General line - 0115112241

හදිසි නිතිය බලාත්මක කිරීම සැක සහිතයි- මන්ත්‍රී රංජිත් සොයිසා




අගමැතිවරයාට එරෙහිව රජය තුලත්, එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් හා රට තුල ඇතිව තිබෙන කැරලිකාර තත්වය වලක්වා ගැනීම සදහා රට තුල හදිසි නිතිය ක්‍රියාත්මක කළාද යන්න ගැන සැකයක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා.

අගමැතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේම ඇමැතිවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සුදානමක් ඇති බවත් නිතිය හා සාමය අමාත්‍යධුරය පිරිනැම්මේදී පවා යම් ගැටළුකාරී තත්වයක් ඇතිවූ බව මන්ත්‍රීවරයා සදහන් කරනවා.

පසුගිය මැතිවරණයෙන් ලද අන්ත පරාජයත් සමග රජය දැඩි අර්බුධකාරී තත්වයකට පත්ව සිටින බව මන්ත්‍රීවරයා කියා සිටිනවා.

හදිසි නිතිය තුලින් විපක්ෂය අඩපන කිරීම සදහා රජය සුදානම් වනවාද කියා සැකයක් මතුවන බවත් මේ සියලු කරුණු පරාජය කිරීම සදහා රටේ සියලුම මහජනතාව ඒකරාශී විය යුතු යැයි මන්ත්‍රීවරයා කියා සිටිනවා.