Sunday, December 29, 2024

General line - 0115112241

කිලිනොච්චියේදී අමෙරිකානු පුරවැසියෙකු ඝාතනය කරයි

දිනසේන රතුගමගේ/මාධව කුලසුරිය 




කිලිනොච්චි, කනකපුරම්  ප්‍රදේශයේදී අමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට යම්කිසි පුද්ගලයෙකු කල පහර දීමකින් ඔහු මියගොස් ඇතැයි වාර්තා වෙනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ රත්නම් දුරේයිසිංහම් නමැති 71 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගියා පුද්ගලයා මෙරට තිබෙන ඔහුගේ මුල් පදිංචි ඉඩම් පරීක්ෂා කිරීමට අමෙරිකාවේ සිට පසුගියදා පැමිණ ඇති අතර එහිදි පසුගිය 06 වැනිදා රාත්‍රීයේදී කිසියම්  පුද්ගලයෙකු විසින් මියගිය පුද්ගලයාගේ මුහුණට මිරිස් කුඩු ගසා පහරදීම සිදුකොට ඇතැයි පොලිසිය පවසනවා.

තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (07) ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සදහන් කරනවා.