Sunday, December 29, 2024

General line - 0115112241

කොත්තු කඩේක වීදුරුවක් කැඩීම ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිළි කිරීමක්




මෙවැනි මොහොතක ජාතිවාදය වපුරා පුද්ගලික වාසි ගැනීමට කටයුතු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (08) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

ඒ,විමල් විරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කර සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාන දෙකක් ගිනි තබා ඇති බවට ජාතිවාදය වැපිරවීමේ අදහස ඇතිව ඔහු ප්‍රකාශ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.