Sunday, December 29, 2024

General line - 0115112241

රටේ වර්තමාන තත්ත්වය ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්

හේමන්ත කහවලගේ




ද්වේෂ සහගත සාපරාධී ක්‍රියාවන්හි යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍ය බවට යුරෝපා සංගමයට අයත් තානාපතිවරු ප්‍රකාශ කරනවා.

විවිධ ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෑතකදී හටගත් පහරදීම් ඉතා කනගාටුදායක බවත් ආගමික සහ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක ශ්‍රි ලාංකිකයෝ වඩාත් හොඳින් දන්නා බවද යුරෝපා සංගමය විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ශ්‍රි ලංකා රජය සහ ආරක්ෂක අංශ සාපරාධි අපරාධ ක්‍රියා සමිබන්ධව කටයුතු කිරිමත්, එවැනි ක්‍රියාවල නිරතවන අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමත් වැදගත් වන බවයි යුරෝපා සංගමයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.