Saturday, December 28, 2024

General line - 0115112241

මුස්ලිම් ඇමතිවරයකුගේ ප්‍රකාශයට අගමැති හමුවට ගිය මුස්ලිම් ඇමතිවරුන්ගේ විරෝධය




ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය  එච්.එම්.එම් හාරිස් විසින් කරනු ලැබූ ප්‍රකාශයට, ජාතික ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් පක්‍ෂවල අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වුවහොත් විශ්වාසභංගයේ දී අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය දෙන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන මුස්ලිම් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විරෝධයද පළකර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා ජනතා කොංග්‍රසය නියෝජනය කරන අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කර ඇත්තේ ඔහු කළ ප්‍රකාශය අනුව ඔහු යම් පාර්ශවයක බළල් අතක් ලෙස කටයුතු කරමින් සිටිනා බවයි.

අදාල ප්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේ දි දැඩි පියවර ගන්නා බවද මුස්ලිම් අමාත්‍යවරුන්  මෙහිදී පවසා තිබෙනවා.