Friday, May 10, 2024

General line - 0115112241

කේවින් පීටර්සන් ක්‍රිකටි පිටියට සමුදෙයි

කසුන් කැළුම්




එංගලන්තයෙන් බිහි වු සුපිරි ක්‍රිඩකයෙකු වන කෙවින් පීටර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට සුදානම් වනවා. ඔහු මේ පිළිබදව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා.

කෙව්න් පීටර්සන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් සදහා එක්වුයේ 2014 වසරේදීයි. මේ වන විට සාජා නුවර පැවැත්වෙන පකිස්ථානු සුපර් ලීග් තරගාවලිය සිය අවසන් තරගාවලිය වනු ඇති බවයි කෙව්න් පීටර්සන් මිට පෙර ප්‍රකාශ කර තිබුණේ.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන කෙවින් පීටර්සන් එක්දින තරග 136 කට එක්වෙමින් ලකුණු 4,440ක් රැස් කිරිමට සමත් වුණා. ඔහු ටෙස්ට් තරග 104 කදි රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 8,181ක්. කෙවින් පීටර්සන් පන්දුවාර 20 තරග 37 කදීද එංගලන්ත කණ්ඩායම නියෝජනය කළා.