Tuesday, February 11, 2025

General line - 0115112241

කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්




ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල  වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මරාගෙන මැරෙන බොම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ වැසියන් අලුත් අවුරුදු වෙනුවෙන් සංවිධානය කර තිබු සැණකෙළි භූමියක් අභියස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.