පරිශීලකයින්ගේ දත්ත වෙනත් පිරිස් අතට පත්වීමේ සිද්ධිය පාදක කර ගනිමින් ඉන්දියාව ෆේස්බුක් සමාගමට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉන්දීය තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යංශය පවසන්නේ ඉන්දියානුවන්ගේ දත්ත නීති විරෝධීව ලබාගෙන ඇත්නම් ෆේස්බුක් සමාගමට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවයි.
ලොව පුරා දැඩි ආන්දෝලනයට පත්වූ මෙම සිද්ධිය වාර්තාවීමත් සමග කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගමේ වෙබ් අඩවියට පිවිසීම ඉන්දියාව විසින් අවහිර කරනු ලැබුවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අදාළ සමාගමේ සේවා දායකයින් බවයි. බි‍්‍රතාන්‍යයේ සමාගමක් වන කේම්බි‍්‍රජ් ඇනලටිකා විසින් ෆේස්බුක් ගිණුම් මිලියන 50ක දත්ත අනවසරයෙන් පරිහරණය කර ඇතැයි මේ වනවිට අනාවරණ වී අවසන්. ඒ, විවිධ රටවල දේශපාලන සහ මැතිවරණ තීන්දුවලට බලපෑම් කිරීම සඳහා අසත්‍ය ප‍්‍රචාර සහ බියගැන්වීමේ ක‍්‍රමෝපායක් ලෙසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බවයි.