Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පාකිස්ථානය හමුවේ අසරණ වෙයි




තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා පකිස්ථාන එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයද පහසුවෙන් ජයගැනීමට පකිස්ථානය අද සමත් වූණා. ඒ ශ්‍රි ලංකාව ලකුණු 108කින් පරාජය කරමින්. 

මෙම තරගය පැවැත් වූණේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 දී කඩුලූ 9ක් දැවී ලකුණු 215ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංක ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 107ක් පමණයි. මෙම තරගාවලියේ පළමු තරග දෙකද පකිස්ථානය ජයගත්තා.