Friday, May 10, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට කළු පැල්ලමක්

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේදි පන්දුව පළුදු කිරිමේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු නායක ස්ටිව් ස්මිත් සහ ආරමිභක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් හට චෝදනා එල්ලවි තිබෙනවා.

තරගයේ තුන්වන දිනයේදි ඔස්ට්‍රේලියානු ක්‍රිඩක කැමරන් බැන්ක්‍රොෆ්ටි විසින් සිය කලිසම තුල සගවා ගෙන සිටින "කහ පැහැති ටේප් පටියක්" උපයෝගි කර ගනිමින් පන්දුව ඔප දැමිමට උත්සහ කරන අයුරු කැමරාවල සටහන්ව තිබෙන අතර පසුව ඒ පිළිබදව විනිශ්චකාරවරුන් දෙදෙනා සහ තරග තීරකවරයා ඒ ගැන ඔහු ගෙන් විමසා තිබෙනවා.

"මම කල දේ ගැන පසුතැවෙනවා. ඒ වගේම මම කළ දේ නිසා ඇතිවුනු කැළල මගේ ජිවිතේ පුරාවට පවතිනවා. මගේ වැරැද්දට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) දඩුවමක් හිමිවෙන බවට තරග තීරකවරයා දැනුම් දුන්නා" යැයි අද දින තරගය නතර කිරිමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක් වෙමින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් කියා සිටියා.

මෙහිදි අදහස් දැක්වු ඔස්ට්‍රේලියානු නායක ස්ටිව් ස්මිත් කියා සිටියේ " මෙහි වැරැද්ද මම භාර ගන්නවා. කණ්ඩායමේ නායකයා මමයි. අපේ පුහුණුකරුවන් මේ සැලසුම ගැන දැනන් හිටියේ නැහැ. අපි මේ ආකාරයෙන් පන්දුව පිරිමැදිම කලොත් හොදයි කියලා තීරණය කලා. මේ වගේ දෙයක් මගේ නායකත්වය යටතේ උනු පලමු වෙනි අවස්ථාව. යලි එහෙම වෙන්නේ නැහැ".

කෙසේ නමුත් පන්දුව පළුදු කිරිම සමිබන්ධයෙන් වන චෝදනාව ගැන ICC ය  මෙතෙක් සිය තීරණය දැනුම්දි තිබුනේ නැහැ.

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු ටෙස්ට් තරග දෙකෙන් කණ්ඩායමි දෙකම තරගය බැගින් ජයග්‍රහණය කර තිබෙනවා.