Friday, May 10, 2024

General line - 0115112241

පාකිස්ථාන සුපර් ලීග් අවසන් මහා තරගය අදයි

කසුන් කැලුම්




පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී අද (25) පැවැත්වෙනවා. ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් සහ පේෂාවර් ශල්මි යන කණ්ඩායම් අතරයි. 

කොදෙව් ක්‍රීඩක ඩැරන් සැමී පේෂාවර් ශල්මි කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා. ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජේ පී ඩුමිනියි. 
අද (25) තරගය පැවැත්වෙන කරච්චි ක්‍රීඩාංගණයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ. 

කරච්චි ප්‍රදේශය අවට සෝදිසි මෙහෙයුම් ද දැඩි කර තිබෙනවා. විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අද (25) තරගයට ක්‍රීඩා කරන බැවින් එහි ආරක්ෂාව දැඩි කිරීමටයි පාකිස්ථාන ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ.