Thursday, November 28, 2024

General line - 0115112241

පන්දු පළුදු කළාට ICC යෙන් ස්ටීව් ස්මිත්ට තරග තහනමක් (UPDATE)

කසුන් කැලුම් / දිනුක් හේවාවිතාරණ




පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක්, සහ තරග ගාස්තුවෙන් 100% ක්  කපා හැරීමට ICC ය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට වැරදිකරු විම හේතුවෙන්.

මේ අතර පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට් හට තරග ගාස්තුවෙන් 75% ක් කපා හැර තිබෙන අතර ඔහුගේ ප්‍රසාද ලකුණු වළින් 3ක් අඩු කිරීමට ICCය පියවර ගෙන තිබෙනවා.

.................................................................................................................

ස්ටීවන් ස්මිත් සහ වෝනර් නායකත්වයෙන් ඉවතට: ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් චෝදනා (25-03-2018 14:19)

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්, දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක / උපනායක තනතුරු වලින් ඉවත් කර තිබෙනවා. මේ අතර කණ්ඩායමේ වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කර  ඇත.

මේ අතර මෙම සිදුවීම වාර්තා වීමත් සමග ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කමි ටර්න්බුල් සිය ජාතික කණ්ඩායමේ හැසිරීම පිලිබදව සිය අප්‍රසාධය පළකර තිබෙනවා. " සිය ජාතික කණ්ඩායම වංචාවක් කල බවට සිතීමත් ඉතා කණගාටුදායක කරුණක් බවටයි" ලෙසට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විදෙස් මාධ්‍ය අමතා කියා සිටියා.

කෙසේ නමුත් ඊයේ (24) සිදුවූ මෙම පන්දුව පළුදු කිරීමේ සිදුවීමත් සමග ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් හට සිය නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්නැයි බලකරමින් හිටපු ක්‍රීඩකයින් රැසක්  අදහස් දක්වමින් සඳහන් කර සිටිය බවට වාර්තා පළවුනා.