පසුගියදා අවසන් වු අළුබදුන තරගාවලියේදි ඕස්ට්‍රේලියාව පන්දුව පළුදු කල බවට සැකයක් පවතින බව එංගලන්ත වේග පන්දු ක්‍රිඩක ස්ටුවර්ටි බ්‍රෝඩ් පවසනවා.
මෙවර අළු බදුන තරගාවලියේදි එංගලන්තය පරාජයට පත් කරමින් තරග 4-0 ක් ලෙස ජය ගැනිමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.
එංගලන්ත වේග පන්දු ක්‍රිඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් මෙම චෝදනාව එල්ල කිරිමට ප්‍රධානම හේතුව වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිඩක කැමරන් බැන්ක්රෝෆ්ට් සිඩිනි හි පැවති අළුබදුන තරගාවලියේ පස්වන ටෙස්ට් තරගයේ අවසන් දිනයේදි ක්‍රිඩාගාරයේ සිට පිටතට පැමිනීමට මොහොතකට පෙර "සීනි" හැඳි කිහිපයක් සිය කලිසම් සාක්කුවට දමා ගන්නා අයුරු රැගත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමගයි.
" සීනිවලින් පුලුවන් පන්දුවේ එක් කොටසක් ඔප දමලා ඒ තුලින් හොඳ දෝලනයක් ලබා ගන්න," එයයි ඔවුන්ගේ උපක්‍රමය වෙන්න ඇත්තේ, ස්ටුවර්ට් බ්‍රෝඩ් විදෙස් මාධ්‍යට කියා සිටියා.
ඔවුන් මේ තරගයට පමණක් ඔවුන්ගේ ක්‍රමය වෙනස් කලේ ඇයිද යන්න ගැන මට තිබෙන්නේ ගැටළුවක්. අප අළු බදුන තරගාවලියේදී ඔවුන් සමග ක්‍රිඩා කල සියලුම තරගවලදි ඔවුන් (ඕස්ට්‍රේලියානුවන්) පන්දුයවන විට පන්දුවෙන් හොඳ දෝලනයක් ලබා ගත්තා. සමහර අවස්ථා තිබුනා ඒ විදිහට පන්දුව දෝලනය කරන්න පුළුවන්ද කියලා අපිටම හිතාගන්න බැරි අවස්ථාවන්. ඒත් දැන් ඒ සියල්ලම පැහැදිලි යැයි ස්ටුවර්ට් බ්‍රෝඩ් සදහන් කර සිටිනවා.
කැමරන් බැන්ක්රෝස්ට් විසින් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදි පන්දුව පළුදු කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් අතර ඔහු එහිදි කියා සිටියේ තමන් එවැනි වරදක් කළ පළමු අවස්ථාව මෙය බවයි.
කෙසේ නමුත් අළුබදුන තරගාවලියට අදාලව එල්ලවන මෙම චෝදනාවත් සමග බැන්ක්රෝෆ්ට් ගේ කලින් කල පාපොච්චාරණය කෙතරම් නිවරදිද යන්න ගැන දැන් සැක මතුවී තිබෙනවා.