Monday, April 29, 2024

General line - 0115112241

ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර්ට ඉදිරි පැය 24 තීරණාත්මකයි : යලි සියරට බලා යන්නයි නියෝග

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් චෝදනාව ලැබ සිටින හිටපු නායක ස්ටීවන් ස්මිත්, ඩේව්ඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් වහාම ක්‍රියාත්මක වන පරිදි යලි සිය රට බලා යැවීමට ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනයේ ප්‍රධානි ජේම්ස් සදර්ලන්ඩ් නියෝග කර තිබෙනවා.

" මෙම ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් අප ගන්නා ක්‍රියාමාර්ග ගැන ඉදිරි පැය 24 තුලදී ප්‍රකාශයට පත් කරනවා යැයි"  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධානියා අවධාරණය කර සිටිනවා.

පන්දුව පළුදු කිරීමේ සිද්ධියත් සමග ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිලධාරින් පිරිසක් දකුණු අප්‍රිකාවට පැමිණි සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කල අතර එහිදී ගනු ලැබූ තීරණයකට අනුව චෝදනාවකට ලක්ව සිටින ක්‍රීඩකයින් යලි සිය රට බලා කැදවීමට තීරණය කර තිබෙන්නේ.

ස්ටීවන් ස්මිත් ගෙන් හිස්වූ නායකත්වයට ටීම් පේන් නම් කල බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා දකුණු අප්‍රිකාවේදී මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියා.

මේ අතර ඕස්ට්‍රේලියාවෙන් ලැබන ආරංචි මාර්ග වලට අනුව ස්ටීව් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින් තිදෙනාට වසර 2 සිට 5 ක් දක්වා කාලසීමාවකට යටත්ව තරග තහනමක් පැනවීමේ හැකියාවක් එරට ක්‍රිකට් ආයතනයේ නීති රේගුලාසි වලට අනුව හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.