ඩබ්ලිව් .එම්. මෙන්ඩිස් සහ සමාගමේ බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් එම සමාගමේ සභාපති ලෙසට කටයුතු කරන අර්ජුන් ඇලෝසියස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අප්‍රේල් මස 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීරණය කළා.
මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවු විට විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මෙම පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව දැනුම් දුන්නා.
මෙන්ඩිස් සහ සමාගමේ හවුල් සමාගමක් වන පර්පචුවල් ට්‍රෙසරිස් සමාගමට එරෙහිව පැවැති බැදුම්කර ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසට කටයුතු කළ බැවින් මෙම පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයා පවසා සිටියා.
බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති තීරණය නිසා මෙන්ඩිස් සහ සමාගමේ සේවකයින්ට මේ වන විට වැටුප් ගෙවීමට ද නොහැකි වී ඇති බව පෙත්සම්කරු පවසා සිටිනවා.
එ් නිසා එම සමාගමේ එදිනෙදා කටයුතු සිදු කිරීමට හැකි වන පරිදි බැංකු ගිණුම් තහනම අත්හිටුවීමට මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියා.