කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ තුෂාර සංජීව තේරී පත්ව තිබෙනවා. ඒ, වැඩි ඡන්ද 2ක් ලබා ගනිමින්. නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කෙරුණේ රහස් ඡන්ද විමසීමකින්.
එහිදී නගරාධිපතිධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුනු වරුණ පේ‍්‍රමරත්නට ඡන්ද 09ක් හිමිවුනා. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ තුෂාර සංජීව නගරාධිපතිවරයා ලෙස තේරී පත්වුණේ ඡුන්ද 11ක් ලබා ගනිමින්.
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම අනුව කුරුණෑගල මහ නගර සභාවේ මන්තී‍්‍රධුර අට බැගින් එක්සත් ජාතික පක්ෂයට සහ ශි‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට හිමිවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍රධුර 03ක් හිමිවුනු අතර ජනතා විමුක්ති පෙරමුණට සහ අගිල ඉලංකෙයි මහජන කොංග්‍රසයට එක් මන්තී‍්‍රධුරය බැගින් හිමිවුණා.
අද (28) පැවැති ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
මේ අතර රත්නපුර මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් තෝරාපත්කර ගැනීම සඳහා පැවති රහස් ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ.එම්.ටිරොන් හිරන්ත අත්තනායක නගරාධිපතිරයා ලෙස අ ද(28) තේරීපත් වුණා. ඒ ඡන්ද 12ක් ලබාගනිමින්.
සබරගමු පළාතේ පළාත් පාලන කොමසාරිස් බී.ඒ.සී.පී. බමුණුආරච්චිගේ ප්‍රධානත්වයෙන් නගරසභාවේ දී මෙම තෝරා ගැනීම සිදුවුණා.
නගරාධිපතිධූරය සහ උප නගරාධිපති ධූරයට රහස් ඡන්ද අවශ්‍ය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් ඉල්ලා සිටියා.
ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයේදී නගරාධිපතිධූරයට තරග කළ සෙසු අපේක්ෂකයා වූ චන්ද්‍රසිරි අතුකොරළට හිමිවූයේ ඡන්ද 11ක් පමණයි.
මෙහිදී එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වු අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකි සිටියා.
පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ බදුල්ල මහනගර සභාව අද (28) පොදුජන පෙරමුණේ ප්‍රියන්ත අමරසිරි නගරාධිපති ලෙස විවෘත ඡන්දයෙන් තේරිපත්ව තිබෙනවා.
බදුල්ල මහනගර සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම් පළාත් පාලන කොමසාරිස් මංගල රංදෙණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
නගරාධිපති තනතුර සඳහා බදුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු,මෙන්ම හිටපු විපක්ෂ නායකයා වූ ඇම්.ඩී.ඒ.හේමචන්ද්‍රගේ නම යෝජනා වූ අතර ඡන්දය විමසීමේදී ඔහුට ඡන්ද 9ක් ලැබුණා.
නගරාධිපතිවරයා ලෙස තේරිපත් වූ ප්‍රියන්ත අමරසිරි ඡන්ද 12ක් ලබාගත්තා.