Saturday, December 28, 2024

General line - 0115112241

අගමැති ගැන නිදහස් පක්ෂයට විරෝධතාවක් ඇත්නම් කළ යුත්තේ මෙයයි -අමාත්‍ය රාජිත

පසන් වික්‍රමතිලක




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසියම් විරෝධයක් ඇත්නම් ඔවුන් ඒ බව ප‍්‍රකාශ කළ යුත්තේ මාධ්‍ය හමුවලදී නොව ආණ්ඩු පක්ෂයේ සුදුසු රැස්වීමකදී බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (27) පළ කළ අදහස්වලට ප‍්‍රතිචාර දක්වමින්. කැබිනට් තීරණ දැනුම්දීම සහා අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටියා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (27) පැවති කැබිනට් රැස්වීමේදී අග‍්‍රාමාත්‍යවරයාට තදින් දොස් නැඟු බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සියළු දෙනා එක්වී කටයුතු කිරිමට නොහැකි ද යන්න ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළ බවයි.

මත්පැන් සහා ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා. මත්පැන් සහා මෙලෙස ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවෙනු ඇත්තේ ඒ සහා පනවා ඇති සෙසු බදුවලට අමතරවයි.

මීට අමතරව අයිතම කිහිපයක් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා. හරිතාගාර ඉදිකිරීම සහා භාවිත කරන උපාංග, පොල් තෙල් හා පොල්තෙල් ආශ‍්‍රිත නිෂ්පාදන, කපා ඔප දමන ප‍්‍රතිඅපනයනය කරන මැණික් ගල් එම අයිතම කිහිපයයි.

ජල ක‍්‍රීඩා සහා යොදා ගැනෙන මෝටර් මගින් ක‍්‍රියාත්මක නොවන උපාංග, ගුවන් ක‍්‍රීඩා සහා යොදා ගැනෙන බලගැන්වීම් නොමැති උපාංග සහ ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක‍්‍රමය මගින් සැපයෙන සේවා ද මෙලෙස ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරෙනු ඇති.