අද (28) නිකුත් කරන බව කියූ 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ දක්වාත් නිකුත් කර නොතිබීම සම්බන්ධයෙන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බොහොදෙනා කුතුහලයෙන් පසුවනවා.
නෙත් නිවුස් වෙතද ඇමතුම් ලබාදෙමින් ඔවුන් විමසා සිටියේ ප්‍රතිඵල ලබාගත හැක්කේ කුමන වේලාවක ද යන්නයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ රාත්‍රී 10ට පෙර ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරීමට හැකි වනු ඇති බවයි.
මේ වනවිට ප්‍රතිඵල සැකසීම අවසන් අදියරේ පවතින බවද ප්‍රකාශ කෙරුණා. තවදුරටත් ඉතිරිව ඇත්තේ සමත්වූවන්ගේ සහ අසමත්වූවන්ගේ සංඛ්‍යාවන් ගණනය කිරීම බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.
අද (28) අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු ප්‍රතිඵල හෙට (29) දිනයේ දී පාසල් වෙත තැපැල් කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
2017 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ ගණන 06 ලක්ෂ 80,000කට වැඩියි.