Thursday, September 19, 2024

General line - 0115112241

”හොඳ පාඩමක් උගන්වනවා – සෙල්ලම් කරන්න එන්න එපා මේ ආණ්ඩුව එක්ක”



එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්ව සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් ඊයේ මහනුවරදී පැවැත්වුණා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සම්බන්ධ වී සිටියා.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයන්හි ක්‍රියාකලාපය සම්බන්ධව දැඩිව දෝෂාෙරා්පණය කර තිබුණා.

”සමහර ව්‍යාපාරිකයන්ට VAT ගැන ප්‍රශ්න තියනවා. ඔවුන් ජනාධිපතිතුමා මුණ ගැහුනා. අපි උසාවි නඩුව අවසන් උනාට පස්සේ අපිට දෙන්න පුළුවන් සහන මොනවද කියල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. ඒ නිසා බොහෝ දෙනෙක් එමගින් සැහීමකට පත් වෙලා ඉන්නවා. එත් කළුකඩ කාරයෝ එහෙම නැතුව ඇති. මොකද ඒ අයත් බලන්නේ හොරු එක්ක එකතු වෙලා ආපහු හොරකම් කරන්න. ඒ වගේම සමහර මාධ්‍ය, විශේෂයෙන්ම සමහර මුද්‍රිත මාධ්‍ය, මොකද ඒ අයත් එකට හම්බ කරගෙන කෑවනේ. එකට සල්ලි ගත්තනේ. විශේෂයෙන්ම සමහර මුද්‍රිත මාධ්‍ය මිනිස්සු අපහු පටන් අරන් ඉන්නවා. මම එකින් එක්කෙනා නම් කරනවා ඊළඟ දවස් කිහිපයේ. එක්කෙනෙක්ගෙන් පටන් ගන්නම් අද.

ලෝකේ මිනිස්සුන්ට අපිව එපා කරවල තිබුන යුගයක අපි හිටියේ. මංගල සමරවීර ඇමතිතුමා ගත්ත පියවර නිසා කොහොමද අද. නායකයෝ මෙහෙ එනවා. නැත්නම් අපිට එන්න කියනවා. අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වලින් කිසිම ප්‍රශනයක් නැහැ.G 7 සමුළුවට ලෝක නායකයෝ අපේ ජනාධිපති තුමාට ආරාධනා කළා. කවුද එක කලේ. මංගල සමරවීර ඇමතිතුමා ඊට ප්‍රතිපාදන හදල දුන්න. මම දැක්ක සඳුදා Daily Mirror පත්තරෙන් කියනවා මංගල සමරවීර ඇමතිතුමා අයින් කරන්න කියලා. ඒ කතෘ මම දන්නවා එක කාලෙක මටත් කිව්වා අයින් වෙන්න කියල. මම හිතන්නේ දැන් එයත් අයින් වෙන්න ඕනි කියල. නැත්තන් අපිට බලන්න වෙයි මොකක්ද කරන්න වෙන්නේ කියලා. හැමදාම මහින්ද රාජපක්ෂගේ මේසේ හිටියේ. හැමදාම කඩේ ගියා. ඔය පත්තරෙන් ලිව්වා මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව. දෙමල මිනිස්සුන්ට විරුද්ධව. අපේ ඇමති වරුන්ට යන්න කියනවනම් ඊට කලින් මේ අයට හොඳ පාඩමක් උගන්වමු කියලා මම කියන්න කැමතියි. සෙල්ලම් කරන්න එන්න එපා මේ ආණ්ඩුව එක්ක. අපි අවුරුදු පහක් මේ ගමන යනවා. ජනතාව අනුමැතිය දුන්නොත් ඔබට පුළුවන් තව අවුරුදු පහක් යන්න. තව Financial Times පත්තරේ බැලුව මේ ආර්ථිකේ කඩාකප්පල් කරන්න. එක එක කතා දැම්ම මාසයක්. අන්තිමට අපි බැඳුම් කරේ ගන්න ගියාම අපි බිලියන 1.5ක් ඉල්ලුවාම අපෙන් ඉල්ලුව බිලියන 6.7ක්. එත් අපේ ගත්තේ බිලියන 1.5යි. ඊට වඩා ගන්න වැඩක් නැහැ. ලෝකෙටම කිව්වා මේක අවුල් කියල. ඔහොම පත්තර වලටත් අපිට පාඩම් උගන්වන්න වෙයි. වගකියන්න සිදු වෙයි. තමන්ට තියනවා

විශේෂයෙන්ම පුවත්පත් වලට පුළුවන් විවේචනය කරන්න. එත් ජනතාව පත් කරපු ආණ්ඩුව ඉවත් කරලා හොරුන් ගෙන්න බලනවානම් එක කරන්න දෙන්නේ නැහැ. දැන් මට ගිහින් බනියි පාඩම් උගන්වන්න හැදුව. අරව කිව්වා මේවා කිව්වා කියල. මම අපහු කියනවා අනිත් අයගේ නම් ටිකත් හෙට අනිද්දට. ඒ ආයතන වල අයම මට ඇවිත් කියනවා මොනවද වෙන්නේ කියලා. මොකද මම මාධ්‍ය නිදහස වෙනුවෙන් හැමදාම සටන් කරලා තියෙනවා. මේ ගොල්ලෝ රාජපක්ෂලාට කඩේ ගිය අය. ආණ්ඩුව විවේචනය කලාට මට කමක් නැහැ. එත් ජනාධිපතිතුමා ප්‍රධාන මේ ආණ්ඩුව කඩන්න හැදුවොත් එකට ඉඩ දෙන්නේ නැහැ. ඒ අයට තියෙන අමාරුව තමයි එදා පිනට කාපු මන්දිරයේ අද මමයි ඉන්නේ. මම එහෙම කන්න දෙන්නෙත් නැහැ. එන්න ආරාධනා කරන්නෙත් නැහැ. දැන් ඕනි තරම් අපට විරුද්ධ වෙන්න, පෙළපාලි යන්න, රැස්වීම් තියන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. එත් හොරුන් දාන්න ආණ්ඩුව පෙරලනවානම් එකට විරුද්ධව අපිත් පාරට බහින්න ලෑස්තියි”.

ඒ් මහතා එහිදී පලකළ අදහස් මෙසේ ඔහුගේ ෆෙස්බුක් ගිණුම ඔස්සේ පළකර තිබුණා.