යුද ජයග්‍රාහහි සැමරුම ශ්‍රී ලංකා රජය විසින් නොසමරන බවට ජගත් මානව හිමිකම් කවුන්සලයට පොරොන්දු වී ඇති බවට වාර්තාවක් පලවී තිබෙනවා. එල්.ටී.ටී.ඊය පරාජය කිරිම වෙනුවෙන් සමරනු ලබන වාර්ෂික යුද ජයග්‍රහයි උත්තමාචාර පෙළපාලිය සහ උත්සවය ඉදිරියේ දී නොපවත්වන බවට ශ්‍රී ලංකා රජය තමන් වෙත පොරොන්දු ලබාදී ඇති බවට ජගත් මානව හිමිකම් කවුසිලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම "යුද ජයග්‍රහහි" සැමරුම යන නම භාවිත නොකර ඒ වෙනුවට "සැමරුම" නම වෙනස් කිරිමට කටයුතු කරන බවට රජය පොරොන්දු වී ඇති බවයි එහි සඳහන් වන්නේ. මේ අතර විපක්ෂ නායක ආර්.සම්බන්දන්ට එම තනතුර ලබාදීම සම්බන්ධයෙන් ද පසුගියදා ජගත් සංවිධානයේ 37 වන මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකා රජය කරුණු ඉදිරිපත් කළ බවද සඳහන්.
විශේෂ ලේඛණයක් මගින් ශ්‍රී ලංකා රජය මෙම කරුණු දැක්වීම සිදුකර ඇති අතර මෙලෙස ලිඛිත කරුණු දැක්වීමක් ශ්‍රී ලංකා රජය කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් ජගත් සංවිධානය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම කටයුතු සිදුකරන බවට ලක්රජය සිය කරුණු දැක්වීම මගින් පෙන්වා දී ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කර ඇත්තේ.අදාළ ලිඛිත පොරොන්දුවේ පිටපත් ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් සැසිවැරයට සහභාගී වූ සියළු රාජතාන්ත්‍රිකයන් වෙත ලබාදී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් nethnews.lk ගෝලීය ශ්‍රී ලංකා සංසදය නියෝජනය කරන රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකා නියෝජිතයන් විසින් මානව හිමික්ම් කවුන්සිලය විසින් ලබාදුන් නිර්දේශ 230න් 177ක් පිළිගෙන ඇති අතර නිර්දේශ 53ක් සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවට ප්‍රකාශ කර ඇති බවයි.
මෙම නිර්දේශ 230න් එක් නිර්දේශයක් හෝ ප්‍රතික්කේෂ කිරිමට ශ්‍රී ලංකා නියෝජිතයන් කටයුතු නොකළ බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම නිර්දේශ 230ට එවැන්නක් අන්තර්ගත වීමේ හැකියාව ද තිබිය හැකි බවයි.
මේ අතර අදාළ කරුණ සම්බන්ධයෙන් nethnews.lk ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ද විමසීමක් කළා. එහි මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ "යුද ජයග්‍රාහි" සැමරුම මෙරට තුල පැවැත්වීම නතර කර දමා දැනට වසර 2ක් ගත වන බවයි.
"යුද ජයග්‍රාහි" දිනයේ දී මෙරට ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමට දිවි පිදු රණවිරුවන් අනුස්මරණය කිරිමක් පමණක් චාම් අන්දමින් හමුදා සම්ප්‍රදායන් අනුව සිදුවන බවද ඔහු සඳහන් කළා.