Wednesday, February 5, 2025

General line - 0115112241

පාතාලකල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු ගිනිඅවි සමග අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




පාතාල නායකයන් වන මාකඳූරේ මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයන් බව කියන පාතාල කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිරිහාන පොලිස් විශේෂ ඒකකය සිදු කළ මෙහෙයුමකදීයි. අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගෝලයා බව කියන හර්ෂ චතුරංග පෙරේරා නොහොත් පෙතියාගොඩ සංඛ හිඹුටාන ප්‍රදේශයේ නිවෙසක සිටින බවට ලද තොරතුරක් අනුව  පොලීසිය එම නිවෙස වටලා තිබෙනවා.

එහිදී ඔහු සමග තවත් පාතාල සාමාජිකයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වුණේ. සැකකරුවන් සතුව තිබී ටී 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, අත්බෝම්බයක්, ගෑස් මුහුණක් සහ ගංජා කිලෝ 2ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම ගංජා තොගය ගෙනැවිත් ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින දිලිප් මදුෂාන් මහානාම නොහොත් මානා නැමැත්තා බවයි හෙලිව ඇත්තේ. සැකකරුවන් අතර අන්දරගේ දොන් සෂික දිනේෂ් පුෂ්පලාල් නැමැති අයෙකුද වන අතර ඔහු හිටපු නාවික හමුදා සාමාජිකයෙක්.