Wednesday, February 5, 2025

General line - 0115112241

දේශසීමාවට ආරක්ෂක භටයින් යොදයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙක්සිකෝව සමග පවතින අමෙරිකාවේ ටෙක්සාස් දේශසීමාව වෙත දේශසීමා ආරක්ෂක භටයින් යොදවා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව මෙලෙස දේශ සීමා ආරක්ෂාව සඳහා හමුදා භටයින් යොදවා ඇති බවයි.

ඒ අනුව ඉදිරි පැය 72 තුලදී ආරක්ෂක භටයින් 250ක් ටෙක්සාස් දේශසීමාවට අනියුක්ත කරන බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ. මේ අතර ඇරිසෝන් ප්‍රාන්තය සමග පවතින මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වෙනුවෙන්ද එළඹෙන සතියේදී තවත් ආරක්ෂක භටයින් 150ක් යෙදවිමට ජනාධිපති ට්‍රම්ප් නියෝග කර ඇතැයි සඳහන්.

ඊට අමතරව නිව් මෙක්සිකෝ සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත සඳහාද ඉදිරියේදී ආරක්ෂක භට පිිරිස් යෙදවීමට නියමිතයි. මෙලෙස දේශසිමා ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිත මුළු භට පිරිස 4,000ක්.

මෙක්සිකෝ දේශසීමාව හරහා ඉදිකිරිමට යෝජිත තාප්පයයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන තෙක් භට පිරිස් යොදවා දේශ සීමාවේ ආරක්ෂාව තහවුරු කරන බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළා. මෙක්සිකෝව හරහා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමට හා සංක්‍රමණික ආගමනය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් දක්වන දැඩි විරෝධය මෙම සියලූ කි්‍රයාමාර්ගවලට හේතුවයි.