Wednesday, February 5, 2025

General line - 0115112241

එජාප පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

දිල්ෂාන් තුෂාර




එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන කියා සිටියේ පාක්ෂිකයන් අපේක්ෂා කරන වෙනස්කම් සිදුවනු විය යුතු බවයි.

පාක්ෂිකයට සාධාරණයක් වන සහන ව්‍යාපෘති දියත් කළ යුතු බව ද ඔහු කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ අගමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති නම් ආණ්ඩුවෙන් ඉවත්වී කටයුතු කළ යුතු බවයි. එසේ නොමැතිව ආණ්ඩුව තුල සිටිමින් මෙවැනි කටයුතු නොකර ඒකාබද්ධ විපක්ෂය මෙන් විපක්ෂයේ අසුනගෙන කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියා.