ඉන්දියාවේ සිදු වූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. හිමාචල් ප්‍රදේශයේදී පාසැල් ළමුන් රැගත් මෙම බස් රථය අඩි 200 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් බස් රථ රියදුරු සහ ගුරුවරුන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පාසල් ළමුන් 40ක් පමණ සිට ඇතැයි ද සඳහන්.