Thursday, February 6, 2025

General line - 0115112241

හෙට කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රීලනිපය තීරණය කළා - ඇමති මහින්ද අමරවීර

හේමන්ත කහවලගේ / දිනුක් හේවාවිතාරණ




හෙට (10)  දින පැවැත්විමට නියමිත කැබිනට් රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අමාත්‍යවරයෙක් සහභාගී නොවීමට තීරණය කල බව අමාත්‍ය මහින්ද අමරවීර nethnews.lk කල විමසීමකදී කියා සිටියා. 

පසුගියදා අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාතයවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් විසින් සිදුකල අපහාස කිරීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

අද දිනයේදී වෙනත් කිසිදු තීරණයක් නොගත් බවත් ඉදිරි දින දෙක තුලදී නැවත වරක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.