ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රී 7:15 ට පමණ ජනාධිපති නිල නිවසේදී රැස්වුනා. මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජාවට බදුන් වුනේ පසුගියදා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවෙන් පසු උද්ගතවූ තත්වය හා පක්ෂයක් වශයෙන් තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැදෙනවාද යන්න පිළිබඳවයි.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ජන්දය ප්‍රකාශ කල නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එජාප යෙන් එල්ලවූ අපහාස හා චෝදනාවන්ට විරෝධය පල කරමින් හෙට (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට සියළු නිදහස් පක්ෂ ඇමතිවරුන් තීරණය කළා.
මෙහිදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඉදිරිපත් කල එම යෝජනාව අමාත්‍ය එස් බි දිසානායක විසින් අනුමත කර තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙහිදී සිය අදහස දක්වමින් කියා ඇත්තේ පක්ෂයක් ලෙස එකට එක්ව තවදුරටත් හදිසි නොවී තීන්දු තීරණ ගත යුතු බවයි.
මේ අතර තවත් දිනකින් එනම් 11 වෙනිදා යලිත් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට ඊයේ (09) තීරණය කල අතර එදිනට දේශපාලනික වශයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා.