Thursday, February 6, 2025

General line - 0115112241

මහනුවර ගැටුමට සම්බන්ධ බවට සැකපිට හමුදා සෙබළුන් 2ක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




පසුගිය මාර්තු මාසයේදී මහනුවර, පුජාපිටිය ප්‍රදේශයේ ඇතිවූ ගැටුමිකාරි සිද්ධීන්ට සම්බන්ධ බවට සැකපිට යුධ හමුදා සෙබළුන් දෙදෙනෙක් පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම හමුදා සෙබළුන් දෙදෙනා දැනට සේවයේ නියුතු අයවළුන් වන අතර ඉන් එක අයෙක් පුත්තලම 143 වන බළකා මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටින අයෙක් වේ. අනෙක් හමුදා සෙබලා  යාන්ත්‍රික රෙජිමේන්තුවේ කැකිරාව ආධුනිකත්ව පුහුණු පාසලේ සේවය කරන බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

අත්අඩංගුවේ පසුවන හමුදා සෙබලුන් දෙදෙනා අද (10) මහනුවර, පුජාපිටිය පොලිසියට භාර දීමට නියමිතයි.