Thursday, February 6, 2025

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කෙරේ

හේමන්ත කහවලගේ




ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරන්නැයි ජාතික පොලිස් කොමිසන් සභාව නිර්දේශ කර තිඛෙනවා. අදාළ නිර්දේශය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර එහි පිටපතක් එම කොමිසන් සභාව විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාට ද යවා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන, විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක‍ෂ මෙවන් සිල්වා සහ පොලිස් මූලස්ථානයේ අධ්‍යක‍ෂ අනුර අබේවික්‍රම මෙලෙස උසස්වීම් ස`දහා නිර්දේශිත නිලධාරීන් කිහිපදෙනෙක්. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ඊ ජයසූරිය සහ පොලිස් දුක්ගැනවිලි කොට්ඨාසයේ අධ්‍යක‍ෂ ගාමිණී පෙරේරා උසස්වීම් සඳහා නිර්දේශිත අනෙක් නිලධාරීන් වනවා.

කෙසේ වෙතත් උසස්වීම් ලබාදීමට නිර්දේශිත මෙම ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරුන් 05දෙනාගෙන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මීට පෙර විරෝධතා ඉදිරිපත් කර තිබු බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.