විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම තනතුරුවලින් ව්‍යවස්ථානුකූලව ඉවත් කළ හැක්කේ කෙසේදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිපති උපදෙස් ඉල්ලා තිබෙනවා.
දේශපාලන ආරංචි පැවසුවේ අදාළ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ස්වකැමැත්තෙන් එම තනතුරුවලින් ඉවත් නොවුණහොත් හෝ ජනාධිපතිවරයා ඔවුන් ඉවත් නොකළහොත් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවයි.
කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලද ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන 16 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඔවුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ද ඉදිරිපත් කළා. එහෙත් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ එම විශ්වාසභංග යෝජනා ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.
කෙසේ වෙතත් අදාළ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සමඟ තවදුරටත් ආණ්ඩුවේ කටයුතු කළ නොහැකි බවට අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කළා.