මේ දිනවල ශ‍්‍රී ලංකාවට ඍජුවම ඉහළින් ගමන් කරන සූර්යා අද (10) නගර කිහිපයකට මුදුන් වනවා.
දහවල් 12.11ට කල්කුඩා, වැලිකන්ද, පොළොන්නරුව, අඹන්පොල සහ මදුරන්කුළිය යන නගරවලට මෙලෙස සූර්යා මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද වැසි අපේක්ෂා කෙරෙනවා.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියය ඉක්මවූ වර්ෂාවක් ද අපේක්ෂිතයි.
හම්බන්තොට සිට මඩකලපුව සහ ත‍්‍රීකුණාමලය හරහා යාපනය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ විගය පැයට කිලෝමීටර් 70ක් හෝ 80ක් දක්වා ද වැඩිවිය හැකියි.