ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් නොමැතිව කැබිනට් මණ්ඩල රැස්වීම අද (10) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. පෙරවරු 9.50ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලය වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම ද මෙය වනවා. ඊට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනා ඉදිරිපත්ව තිබියදී මෙම කැබිනට් රැස්වීම පැවැත්වීම තවත් විශේෂත්වයක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුව එම පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් අද (10) පැවැත්වෙන රැස්වීම වර්ජනය කිරීමටයි තීරණය කළේ.