Wednesday, January 8, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකීකයන්ට සවුදි රජය නිකුත් කළ සතුටු දායක නිවේදනය මෙන්න

වසන්ත පිවිතුරු




ශ්‍රී ලාංකීකයන් සම්බන්ධයෙන් පනවා තිබු නීතියක් තාවකාලිකව ඉවත්කිරිමට  සවුදි අරාබියාව තීරණය කර අැති එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසා තිබෙනවා. මෙරට ශ්‍රමිකයන් සවුදි අරාබියාවේ රැකියා සඳහා වීසා ලබා ගැනීමේ දී මානසීක සෞඛ්‍යය පිළිබඳව සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට සවුදි අරාබියාව නීතියක් පනවා තිබුණා.

මෙම නීතිය තාවකාලීකව ඉවත් කිරිමට පියවර ගෙන ඇති බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කර ඇත්තේ. එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා විදේශ සහයෝගිතා අමාත්‍යවරයා සහ සවුදි අරාබියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පසුගියදා විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති අතර එහිදී එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා අදාළ කරුණ පිළිබඳව පෙන්වා දී තිබෙනවා. සවුදියට ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පහළ ‍ගොස් ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ. ඉන් අනතුරුව සවුදි විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා විදේශ සහයෝගිතා අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව අනෙකුත් රටවල් ද සවුදි අරාබියාවේ රැකියා සඳහා වීසා අයදුම් කිරිමේ දී මානසීක සෞඛ්‍යය පිළිබඳව සහතිකයක් අනිවාරයෙන් ම ඉදිරිපත් කළ යුතු බවටයි සවුදි රජය මෑතකදී නිවේදනය කර තිබුණේ.

 

මෙම නව නීතිය හේතුවෙන් තානාපතිවරුන් ගැටළු රැසකට මුහුණදී ඇති බවයි මැදපෙරදිග කලාපයේ මාධ්‍ය වාර්තා පල කර ඇත්තේ.