Wednesday, January 8, 2025

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සිරියාවට ප්‍රබල ප්‍රතිචාරයක්

සමන්ත කුමාර - බී බී සී ඇසුරෙන්




සිරියාවට එල්ල වූ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. බටහිර රටවල නායකයින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ද සැලකිල්ලට ගනිමින් එම ප්‍රතිචාරය දක්වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

 සිරියාවේ කැරළිකරුවන් අත පවතින අවසන් බල කොටුව වන ඩෞමා ප්‍රදේශයට එල්ල වූ රසායනික ප්‍රහාරයකින් පුද්ගලයින් 70 දෙනෙකු පමණ මියගිය බවට පසුගියදා වාර්තා පළ වුණා.  ඊට ප්‍රතිචාර දක්වමිනුයි අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ. රුසියාවේ සහය ලබා ගනිමින් සිරියානු හමුදා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද මීට පෙර චෝදනා එල්ල කළා.

 බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් කිහිපයක නායකයින් ද මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.